ඖෂධ මිල වැඩි කිරීමට අවසර

ඩොලරයේ අගයට සමානුපාතිකව ඖෂධ මිල සාධාරණ ලෙස ඉහළ දැමීමට අවසර දුන් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
මේ අනුව ඖෂධ සැපයීමේ මෙහෙයුම් කටයුතු අද සිට ආරම්භ කිරීමට ඖෂධ නිෂ්පාදන සහ බෙදා හැරීම් සමාගම් එකඟවූ බවද ඔහු ප්‍රකාශ කළේය.
ඖෂධ නිෂ්පාදන හා බෙදාහැරීමේ සමාගම් සතුව මාස හතරකට ප්‍රමාණවත් ඖෂධ පවතින බව ඒ සමාගම් දැන්වූයේ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
ඖෂධ නිෂ්පාදන හා බෙදාහැරීමේ සමාගම්වල නියෝජිතයන් හා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතර විශේෂ හමුවක් ඊයේ පැවැත්විණ.
එම නියෝජිතයන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට එකඟත්වයට පැමිණියේ එම සාකච්ඡාවේදීය.
රටේ කිසිදු ඖෂධ හිඟයක් ඇති නොවන බවට තමා සහතික වන්නේ යැයි ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.
645 Views
Comments