සහල් තොග සඟවාගෙන සිටි වෙළෙන්දෙක් මාට්ටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
17

සහල් තොග සඟවාගෙන සිටි වෙළෙන්දෙක් මාට්ටු

සහල් තොග සඟවාගෙන සිටි වෙළෙන්දෙක් මාට්ටු

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් කොළඹ පරණ යොන් වීදියේ ඊයේ (16) සිදුකළ වැටලීමකදී සඟවාගෙන තිබූ කිලෝ 5 කීරි සම්බා අසුරන 550ක් සොයාගෙන ඇත.

 

බස්නාහිර පළාත් පොලිස් බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් ලබාදෙනු ලැබූ තොරතුරු අනුව උපායදුතයෙකු යොදවා ඉල්ලුම් කර ඇති අවස්ථාවක සහල් නොමැති බව අදාළ ව්‍යාපාරිකයා පවසා තිබේ.

 

පසුව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ විමර්ශන නිලධාරීන්, බුද්ධි නිලධාරින් සමග සිදුකරන ලද පරික්ෂාවේදී මෙම කීරි සම්බා අසුරන තොගය සොයාගැනීමට හැකිව ඇත.

 

කිලෝ 2,750ක් පමණ මෙම කීරි සම්බා තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් හත්ලක්ෂ 15,000ක් බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

 

මෙම කීරි සම්බා සහල් ඉතා සූක්ෂමව සීනි උරවල සහ ලුණු උරවල සඟවා තිබී ඇත.

 

සහල් වැඩි මිලට අලෙවිකරණ සහ සහල් සඟවා සිටින වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දෛනිකව සිදුකරන වැටලීම්වලදී මෙම වෙළඳසැලට මීට දින කිහිපයකට පෙරද නඩු පවරා තිබූ වෙළඳසැලැක් වීම විශේෂත්වයක්ය.

views

83 Views

Comments

arrow-up