දුම්රිය අතරමග දමා පලාගිය රියැදුරුගේ වැඩ තහනම්

මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ අංක 50 දරන දුම්රිය පෙරේදා (06) පස්වරුවේ කොග්ගල දුම්රිය ස්ථානයේ නතර කර රියැදුරු පලායෑම හේතුවෙන් එහි සිටි 500කට අධික දුම්රිය මගීහු අපහසුතාවට පත් වූහ.
මෙම දුම්රිය කොග්ගල දුම්රිය ස්ථානයට ළඟාවීමත් සමග රියැදුරු තමාට අසනීප බවට ප්‍රධාන රියැදුරු කාර්යභාර නිලධාරිවරයාට දැනුම්දී කොග්ගල දුම්රිය පළේ දුම්රිය නතර කර පලා ගොස් තිබේ. ඉන් පසුව ඔහු ගැන කිසිදු තොරතුරක් දැනගන්නට ලැබී නැත.
එයට පැය කිහිපයකට පසුව පැමිණි දුම්රියෙන් එම මගීන් පිටත්කර යැවීමට කොග්ගල දුම්රිය ස්ථානාධිපතිවරයා පියවර ගත්තේය.
මේ අතර අදාළ දුම්රිය රියැදුරුගේ වැඩ තහනම් කළ බවත්, ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අරඹා ඇති බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී. එස්. පොල්වත්තගේ මහතා පැවැසීය.
123 Views
Comments