රාජ්‍ය අංශයේ අනාගතය එජාපය නෙමෙයි -මහින්ද
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
13

රාජ්‍ය අංශයේ අනාගතය එජාපය නෙමෙයි -මහින්ද

රාජ්‍ය අංශයේ අනාගතය එජාපය නෙමෙයි -මහින්ද

රාජ්‍ය සේවකයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම රජයක ප්‍රමුඛතම වගකීමක් හා යුතුකමක් බව අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

අග්‍රාමාත්‍යවරයා පෙන්වාදෙන්නේ රාජ්‍ය සේවකයාගෙන් පළිගැනීමේ යුගයක් නැවත මෙරට තුළ ඇති කළ නොහැකි බවය.

 

මොරටුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා රාජ්‍ය අංශයේ සේවකයා සුරක්ෂිත කරනු ලැබුවේ තම ආණ්ඩුව විසින් බව ද පැවසීය.

 

ඒ නිසාවෙන් කොරෝනා වෛරසය මෙතරම් පාලනය කළ හැකි වු බවත් පැවසු ඔහු, ඔවුන්ගේ අනාගතය එජාපය නොවන බවත් කියාසිටියේය.

 

යුද්ධය අවසන් කර ආරම්භ කළ සංවර්ධනය අතරමඟ නතර වු බවත් පැවසු අගමැතිවරයා, බලය අයුතු ලෙස පාවිච්චි කරමින් පසුගිය ආණ්ඩුව අයුතු බලපෑම් කළ බව ද පැවසීය.

 

views

746 Views

Comments

arrow-up