ඉන්ධන පෝලිමේ සිටි තවත් දෙදෙනෙකු ජීවිතයෙන් වන්දි ගෙවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
10

ඉන්ධන පෝලිමේ සිටි තවත් දෙදෙනෙකු ජීවිතයෙන් වන්දි ගෙවයි

ඉන්ධන පෝලිමේ සිටි තවත් දෙදෙනෙකු ජීවිතයෙන් වන්දි ගෙවයි

දංකොටුවේ ඉන්ධන පිරවුම්හලක් අසල සහ වෙන්නප්පුවේ ඉන්ධන පිරවුම්හලක් අසල ඉන්ධන ලබාගැනීමට පැමිණි දෙදෙනකු හදිසියේ මියගොස් ඇතැයි පොලිසිය කියයි.

 

දංකොටුව මීගමුව ප්‍රධාන මාර්ගයට සම්බන්ධවන ස්ථානයේ පිහිටි ඉන්ධන පිරවුම්හල අසල දින දෙකක් තිස්සේ රැඳී සිටි ඇඟළුම්කම්හල් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක රියැදුරුකු හදිසියේ අසනීපව ඊයේ (09) මියගොස් ඇතැයි ද ඔහු දින දෙකක් තිස්සේ එම ස්ථානයේ රැඳී සිට ඇතැයි ද පොලිසිය පවසයි.එසේ මියගොස් ඇත්තේ එච්.ඒ. චමින්ද පුෂ්පකුමාර නැමැති පුද්ගලයෙකි. 

 

දංකොටුව මාර්ගයේ තඹරවිල ඉන්ධන පිරවුම්හල අසල දී ද ඉන්ධන ලබාගැනීමට ආ 50 හැවිරිදි මුහම්මදු සරීෆ්දීන් නමැති 50 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇත.

 

ඔහු ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව සිය මෝටර් රථයට හුළං ගසා ගැනීමට ගිය අවස්ථාවේ හදිසියේ අසනීපව මියගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

views

1852 Views

Comments

arrow-up