කොවිඩ් නව මාර්ගෝපදේශ වල ඇති උපදෙස් මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
01

කොවිඩ් නව මාර්ගෝපදේශ වල ඇති උපදෙස් මෙන්න

කොවිඩ් නව මාර්ගෝපදේශ වල ඇති උපදෙස් මෙන්න

කොවිඩ් 3 වන මට්ටමේ අවදානම හේතුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න මහතාගේ අත්සනින් යුතුව නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.

 

ඒ අනුව නිකුත් වුණු නව මාර්ගෝපදේශයන්ගේ සඳහන් කරුණු මෙසේය.

 

  • පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී දුම්රිය සහ බස් රථවල මගීන් ගමන් කළ හැක්කේ එහි ආසන ගණනට පමණයි.
  • එමෙන්ම කුලී රථ භාවිතයේදී ත්‍රිරෝද රථ සහ මෝටර් රථවල එකවර ගමන් කළ හැක්කේ මගීන් දෙදෙනෙකුට පමණයි.
  • වෙනත් මාදිලියේ කුලී රථවල එහි ආසන සංඛ්‍යාවට පමණක් මගීන් රැගෙන යා හැකි වේ.
  • අපනයනය මූලික කරගත් ඇඟලුම් කර්මාන්ත ශාලා ඇතුළු වෙනත් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේදී ජෛව විද්‍යාත්මක ආරක්ෂිත බුබුලක් තුළ එහි කටයුතු පවත්වාගෙන යා යුතුයි.
  • එමෙන්ම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ අධීක්ෂණය යටතේ ඒවා පවත්වාගෙන යා යුතුයි.
  • සුපිරි වෙළෙඳසැල් තුළට එක් අවස්ථාවකදී ඇතුළත් කරගැනීමට අවස්ථාව ලබාදී ඇත්තේ එම වෙළෙඳසැලේ රැඳී සිටිය හැකි මුළු ධාරිතාවෙන් සියයට 25ක පිරිසක් පමණයි.
  • වෙළෙඳ සංකීර්ණ තුළද මුළු ධාරිතාවෙන් සියයට 25ක පිරිසකට පමණක් ඇතුළුවීමට අවසර හිමිවේ.
  • බන්ධනාගාර රැඳවූවන් හමුවීම සඳහා අමුත්තන්ට අවසර නැත.
  • නැවත දැනුම් දෙනතුරු පාසල්, පෙර පාසල්, උපකාරක පන්ති, විශ්වවිද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන වසා තැබේ.
  • දිවා සුරැකුම් මධ්‍යස්ථානද විවෘත වන්නේ නැත.
  • විවාහ මංගල උත්සව මැයි මස 04 වන අඟහරුවාදා සිට මැයි මස 20 වනදා දක්වා පැවැත්වීමට අවසර හිමි නොවේ.
  • කොවිඩ් -19 ආසාදිත මරණ හැර සෙසු අවමංගල උත්සව පැවැත්වීමේදී ඒ සඳහා එක් අවස්ථාවකදී සහභාගි විය හැකි පිරිස 25 දෙනෙකුට සීමා වේ. දේහ පිළිබඳ අවසන් කටයුතු පැය 24ක් තුළ සිදුකළ යුතුයි.
  • මහජන ඒකරාශිවීම් සඳහා අවසර හිමි නොවන අතර එළිමහන් හෝ ගෘහස්ථ උත්සවද පැවැත්වීමට අවසර හිමි වන්නේ නැත.
  • එමෙන්ම ආගමික ස්ථානවලද පුද්ගල ඒකරාශි වීම් හෝ එක්රැස් වී සිදුකරන ක්‍රියාකාරකම් තහනම් කර තිබේ.
  • සිනමා ශාලා, ළමා උද්‍යාන, පිහිනුම් තටාක සහ සැණකෙළි තිබෙන ස්ථාන වසා තැබේ.
  • ආපනශාලාවල සේවා සැපයීම් පවත්වාගෙන යා හැකි අතර එකවර ආහාර ගත හැක්කේ එහි ආසන පහසුකම්වලින් සියයට 25කට පමණයි.
  • මත්පැන් අලෙවිසැල් නියමිත කාල සීමාවන් අතර පමණක් විවෘතව පවතින අතර තැබෑරුම්, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ, ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන සහ සම්බාහන මධ්‍යස්ථාන වසා තැබිය යුතුයි

 

 

 

 

 

 

 

 

 

source: adaderana

views

741 Views

Comments

arrow-up