ආරවුල ප්‍රේමයට තිත තබයි - පෙම්වතා තම පෙම්වතියට පිහියෙන් ඇන මරා දමලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
12

ආරවුල ප්‍රේමයට තිත තබයි - පෙම්වතා තම පෙම්වතියට පිහියෙන් ඇන මරා දමලා

ආරවුල ප්‍රේමයට තිත තබයි - පෙම්වතා තම පෙම්වතියට පිහියෙන් ඇන මරා දමලා

පෙම්වතිය සමග ඇති කරගත් ආරවුලක් දුරදිග ගොස් පෙම්වතා විසින් තම පෙම්වතියට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිදුවීමක් පෙරේදා(10) මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තාවේ.

 

පොලොන්නරුව, මැදිරිගිරිය, මීගස්වැව, අඹගස්වැව ප්‍රදේශයේ පදිංචි තම පෙම්වතිය සමඟ ඇතිකර ගත් ආරවුලක් දුරදිග ගොස් පිහියෙන් ඇන පෙම්වතිය ඝාතනය කර ඇතැයි පොලිසිය වැඩිදුරටත් පැවසීය.

 

මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන්නේ මීගස්වැව, අඹගස්වැව, යාය 11 ,අංක 196 හි පදිංචිව සිටි කේ.කේ.ජී. මධුෂිකා කුමාරි රත්නායක නැමැති 21 හැවිරිදි තරුණියකි. 

 

සැකකාර පෙම්වතා ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 

views

777 Views

Comments

arrow-up