රාජ්‍ය ඇමතිගේ බන්ධනාගාර පිස්සුව,පිස්තෝලය අතැතිව අනුරාධපුර බන්ධනාගාරයෙත් යකා නටයි මෙවර රූ රැජිනකට එල්ලුම් ගස පෙන්වයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
15

රාජ්‍ය ඇමතිගේ බන්ධනාගාර පිස්සුව,පිස්තෝලය අතැතිව අනුරාධපුර බන්ධනාගාරයෙත් යකා නටයි මෙවර රූ රැජිනකට එල්ලුම් ගස පෙන්වයි

රාජ්‍ය ඇමතිගේ බන්ධනාගාර පිස්සුව,පිස්තෝලය අතැතිව අනුරාධපුර බන්ධනාගාරයෙත් යකා නටයි මෙවර රූ රැජිනකට එල්ලුම් ගස පෙන්වයි

පසුගිය 12 වනදා වැලිකඩ බන්ධනාගාරය වෙත බීමතින් පැමිණ කලහාකාරී ලෙස හැසිරුණු ප්‍රභල රාජ්‍ය අමාත්‍යවරයා එදිනම අනුරාධපුර බන්ධනාගාරයට ද ගොස් ප්‍රචණ්ඩ අයුරින් කටයුතු කර ඇති බව වාර්තා වේ.

 

 

මෙහිදී ගිනිඅවියක් ද අතැතිව ආරක්ෂකයින් පිරිවරා කොට කලිසමකින් සැරසී බන්ධනාගාරයට ඇතුළුවූ ඔහු අධික ලෙස බීමතින් සිටි බවයි පැවසෙන්නේ.

 

 

මේ අතර, එම රාජ්‍ය අමාත්‍යවරයා එදින වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී ඇත්තේ විවාහක රූ රැජිනක් සහ තවත් දෙදෙනෙකු සමග බවත් එහිදී ඔහු අදාළ පිරිස සමග ‘එල්ලුම්ගස’ ඇති ස්ථානය අසලට ගොස් තිබේ.

 

 

එම අවස්ථාවේදී අධික බීමතින් සිටි රාජ්‍ය අමාත්‍යවරයා දෙවතාවක් තම ගිනි අවියද සමග බිම වැටී ඇත.

views

1018 Views

Comments

arrow-up