FEB
01
කොවිඩ් එන්නත ලක්ෂයකට ආසන්න පිරිසකට දී අවසන්

ඉන්දීය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් 19 මර්දන එන්නත මේ වන විට මෙරට පුද්ගලයින් 96,000කට ආසන්න පිරිසකට ලබාදී තිබෙනවා.
සෞඛ්‍ය අංශ පැවසුවේ අද දිනය තුළ පමණක් පුද්ගලයින් 36,396 දෙනෙකුට එන්නත ලබා දී ඇති බවයි.
ඒ අනුව මේ වන විට පුද්ගලයින් 95,550 දෙනෙකුට එම එන්නත ලබා දී අවසන් කර තිබෙනවා.
මෙම එන්නත ලබා දිමේදි ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ කොවිඩ් ආසාදිතයින් සමග වැඩි වශයෙන් කටයුතු කරන ඉදිරි පෙළ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ටයි.
963 Views
Comments