විදුහල්පතිවරයෙක් වසර 3ක් සිරගෙට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
16

විදුහල්පතිවරයෙක් වසර 3ක් සිරගෙට

විදුහල්පතිවරයෙක් වසර 3ක් සිරගෙට

2015 වර්ෂයේ දී 5 ශ්‍රේණිය සඳහා දරුවෙකු ගම්පහ ප්‍රධාන විද්‍යාලයකට ඇතුළත් කිරීමේ චේතනාව ඇතිව තම විද්‍යාලයට ඇතුළත් කරගත් විදුහල්පතිවරයෙක්ට අධිකරණය විසින් වසර 3ක සිරදඬුවමක් නියමකර ඇත.

 

මෙම විදුහල්පතිවරයාට විරුද්ධව දූෂණය චෝදනාව යටතේ අධිචෝදනා ගොණු කර තිබුණි. 

 

නියමිත ක්‍රමවේදයෙන් බැහැරව එනම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ නිසි අනුමැතියකින් තොරව දරුවා ජනප්‍රිය පාසලකට ඇතුළත් කරවීමේ චේතනාවෙන් තම විද්‍යාලයට ඇතුළත් කරගැනීම සිදුකර ඇති බව විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

 

ඒ අනුව එම නඩුව ඉකුත්දා විභාගයට ගන්නා අවස්ථාවේ දී අදාළ විදුහල්පතිවරයා වරද පිළිගෙන තිබේ.

 

වැඩිදුරටත් දඬුවම් වශයෙන් රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ අතර, එය නොගෙවන්නේ නම් මාස 03ක ලිහිල් සිර දඬුවම් නියම කළේය.

views

93 Views

Comments

arrow-up