ට්‍රැෆික් නැති කරන්න පොලිස් ඩ්‍රෝන් කොළඹ අහසට - ඉදිරියේදී පොලිස් ඩ්‍රෝන් යන නගර මෙන්න - (VIDEO)

කොළඹ නගරය තුල රථවාහන තදබදය නිරීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන යානා යොදාගනිමින් විශේෂ නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම ව්‍යාපෘතිය දියත් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.
මෙම ව්‍යාපෘතියේ පරමාර්ථය වන්නේ කොළඹ නගරය තුල රථවාහන තදබදය අධීක්ෂණය කිරීම, විකල්ප මාර්ග යෝජනා කිරීම සහ රථ වාහන නීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව පියවර ගැනීම සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමයි.
මෙම ව්‍යාපෘතියේ පළමු පියවර අද කොළඹ හයිලෙවල් පාර ප්‍රදේශයේදී ක්‍රියාත්මක කළා.
ඉදිරියේදී මෙම ව්‍යාපෘතිය ගාලුපාර, මීගමුව පාර, පාර්ලිමේන්තු පාර වැනි කොළඹට ආසන්න ප්‍රදේශවලත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අජිත් රෝහණ මහතා පැවසුවා.
එමෙන්ම මහනුවර සහ කුරුණෑගල වැනි නගර වලටත් ඉදිරියේ දී මෙය හඳුන්වා දෙන බව ඔහු පවසා සිටියා.
891 Views
Comments