තවත් පොල්තෙල් තොගයක ඇෆලොටොක්සීන් - ගබඩා මුද්‍රා තබයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
29

තවත් පොල්තෙල් තොගයක ඇෆලොටොක්සීන් - ගබඩා මුද්‍රා තබයි

තවත් පොල්තෙල් තොගයක ඇෆලොටොක්සීන් - ගබඩා මුද්‍රා තබයි

දිවයින පුරා වෙළඳසැල්වල අලෙවිකරණ පොල්තෙල් සාම්පල සහ අලෙවි කිරීමට තබා ඇති පොල්තෙල් සාම්පල පරීක්ෂා කිරීමට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

 

එවන් පසුබිමක දී මේ වන විට පොල්තෙල් සාම්පල පරික්ෂා කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකරමින් සිටිනවා. ඒ අනුව "N JOY"නාමය යටතේ වෙළඳපොළේ අලෙවිකරන පොල්තෙල් වලින් ලබාගත් සාම්පල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායනාගාරයක් තුළ පරීක්ෂාවකට ලක් කර තිබුණා. එම පරීක්ෂාවේ දී එම පොල්තෙල් වල ඇෆලටොක්සීන් නම් පිළිකාකාරකය අඩංගු බව හඳුනාගෙන තිබෙනවා.

 

මීට අමතරව එම සාම්පල කාර්මික තාක්ෂණ ආයතනය පරීක්ෂණාගාරයේ දී පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදීද ඇෆලටොක්සීන් නම් පිළිකා කාරකය අඩංගු වී තිබෙන බවට දෙවන වරටත් තහවුරු වී තිබෙනවා. ඒ අනුව මෙම නාමය යටතේ දැනට වෙළෙඳ පොළට නිකුත් කර ඇති සියලුම පොල්තෙල් යළි ගෙන්වා ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ සමාගමට දැනුම් දී තිබෙනවා.

 

ඊට අමතරව ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි එම සමාගමේ ගබඩා සංකීර්ණයට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් ගොස් එම සංකීර්ණය මුද්‍රා තබා තිබෙන බවද වාර්තා වනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවයි.

 

 

 

 

 

 

 

 

 

Source - Aruna

views

1547 Views

Comments

arrow-up