PCR යන්ත්‍රයේ අළුත්වැඩියා කටයුතු පිළිබඳ චීන තානාපති කාර්යාලයෙන් දැනුම්දීමක්

කොළඹ චීන තානාපති කාර්යාලය විසින් අළුත්වැඩියා කටයුතු පිළිබඳ ට්විටර් ගිණුම් තවත් සටහනක් තබා තිබෙනවා.
අපේක්ෂිත ප්‍රතිඵල සමඟින් අද පරීක්ෂණ කිරීම් හොඳින් ක්‍රියාත්මක වූ බවත් සායනික පරීක්ෂණ හෙට සිට ක්‍රමයෙන් නැවත ආරම්භ කරන බවත් කොළඹ චීන තානාපති කාර්යාලය සදහන් කරයි.
විද්‍යාගාර පරිසරය තවදුරටත් පරීක්ෂා කිරීම හා මෙහෙයුම් පුහුණුව පුළුල් කළ යුතු බවයි සදහන් වන්නේ.
සෞඛ්‍ය අමාත්‍යංශය සහ ප්‍රාදේශීය රෝහලෙන් ලැබෙන සහාය බෙහෙවින් අගය කරන බවත් කොළඹ චීන තානාපති කාර්යාලය සදහන් කරයි.
අක්‍රිය යන්ත්‍රය අළුත්වැඩියා කටයුතු සඳහා විශේෂඥ කණ්ඩායමක් චීන නිෂ්පාදන සමාගමෙන් සිකුරාදා පැමිණියා.
latest updates by 🇨🇳 #PCR technicians:
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) November 1, 2020
1. Today's test-run went well with expected results
2. Clinical tests resumed from tomorrow gradually
3. Lab environment further examined
4. Operation training to be expanded
5. Assistance by @MoH_SriLanka & local hospital highly appreciated pic.twitter.com/53jRuD3089
634 Views
Comments