SEP
03
නැගෙනහිර මුහුදේ ඉන්ධන නෞකාවක ගින්නක්

අම්පාර, සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 40ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී ඉන්ධන රැගත් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා.
මෙම නෞකාව පැනමාවට අයත් වන අතර එය ඉන්දියාව බලා ගමන් කරමින් තිබෙන විටයි මෙම අනතුර සිදුව තිබෙන්නේ.
මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට නෞකා දෙකක් සහ හම්බන්තොට නාවික හමුදා කඳවුරෙන් එක් නෞකාවක් අදාළ මුහුදු ප්‍රදේශය වෙත යවා ඇති බව නාවික හමුදාව පවසනවා.
811 Views
Comments