ගුරු දිනයට සල්ලි එකතු කලොත් ගුරුවරුන්ට සිද්දවෙන දේ මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
02

ගුරු දිනයට සල්ලි එකතු කලොත් ගුරුවරුන්ට සිද්දවෙන දේ මෙන්න

ගුරු දිනයට සල්ලි එකතු කලොත් ගුරුවරුන්ට සිද්දවෙන දේ මෙන්න

මෙම මස 06 වැනිදාට යෙදෙන ලෝක ගුරු දිනය සැමරීම සඳහා සිසුන්ගෙන් එක රුපියලක මුදලක් හෝ එකතු නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ සියලු පාසල් වලින් ඉල්ලා සිටියි.

 

පවතින ආර්ථික අර්බුදය යටතේ දරුවන්ට බස් රථවල ගමන් කිරීමට වත් මුදල් නොමැතිව සිටින විට ගුරු දිනය වෙනුවෙන් ඇතැම් පාසල්වල මුදල් එකතුකිරීමට කටයුතු කරන බවට දැනගන්නට ලැබෙන බවත් එවැනි කටයුතු සිදු නොකරන ලෙසත් සියලු ගුරු දෙමාපියන් ගෙන් ඉල්ලා සිටින බවත් ලේකම්වරයා සඳහන් කළේය.

 

පාසල්වල මුදල් එකතු නොකරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛ මගින් දැනුවත් කර තිබෙන පසුබිමක මුදල් එකතු කිරීම සම්බන්ධ පැමිණිලි ලදහොත් ඒවා විමර්ශනය කර වැරදිකරුවන් වන ගුරුවැන්ට දැඩි විනය ක්‍රියා මාර්ග ගැනීමට අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම ජයන්ත උපදෙස් දී ඇතැයි ද ලේකම්වරයා පවසයි.

views

326 Views

Comments

arrow-up