“දූෂිතයින් ඉවත් කළයුතුයි”.. මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය පිළිබඳව මහජන විශ්වාසය පළුදු වෙලා – නීතිපතිගෙන් සැර කතාවක්

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය පිළිබදව මහජන විශ්වාසය පළුදු වී ඇති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය නිලධාරීන්ට දේශනයක් සිදුකරමින් නීතිපතිවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.
“දූෂිතයින් අපි ඉවත් කරන්න ඕනේ. කතා දෙකක් නෑ. නැත්තම් මේ ආයතන රැකගන්න බෑ අපිට.”
“පොලිස් ඉතිහාසයේ මේවගේ විශාල සිද්ධියක් ඇතිවුණ ප්‍රථම අවස්ථාව. මත්ද්‍රව්‍ය කාර්යාංශයේ මේ වගේ සිද්ධි ඇතිවුණ ප්‍රථම අවස්ථාව.”
“එතකොට මේ සිද්ධිය නිසා මේ ආයතනය කෙරෙහි මහජන විශ්වාසය පළුදුවෙලා තියෙනවා. එතකොට මේ කාර්යාංශයේ ක්‍රියාකාරකම්, තමුන්නාන්සෙලාගේ ක්‍රියාකාරීත්වය මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම බලපානවා.”
924 Views
Comments