නවතා තිබූ ටිපර් රථයේ පසුපස ලොරිය ගැටී රිය සහයක ජීවිතක්‍ෂයට - දෙකකට බරපතලයි

ඊයේ(21) අළුයම 04:45ට පමණ රත්මලානේ සිට පදියතලාව දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ විශාල ප්‍රමාණයේ ලොරි රථයක් මහියංගණ, දඹාන මංසන්ධියේ නවතා තිබූ වැලි පැටවූ ටිපර් රථයක ගැටී ලොරි රථයේ රිය සහායක මියගොස් ඇතැයි මහියංගණ පොලිසිය කියයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ බුලත්සිංහල, ගලහේන ප්‍රදේශයේ පදිංචි නිපුන දේශප්‍රිය නමැති තරුණයෙකි.
රිය අනතුරින් ටිපර් රථයේ රියැදුරු සහ පිටුපසින් පැමිණි රථයේ රියැදුරුද බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහියංගනය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
මහියංගණ පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
623 Views
Comments