13 හැවිරිදි සිසුවියක් නාන විට වීඩියෝ කල 15 හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනා පොලිස් භාරයට

අවුරුදු 13 ක් වයසැති පාසල් සිසුවියකගේ නිරුවත් ඡුායාරූප සහ වීඩියෝවක්, නවීන පන්නයේ ජංගම දුරකථනයක් තබා ගැනීම සම්බන්ධයෙන් 15 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනකු ඊයේ (24) පොලිස් භාරයට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
මෙම දියණියගේ නිරුවත් ජායාරූප සහ වීඩියෝ දර්ශන නිවස ආසන්නයේ පදිංචි පිරිමි ළමුන් දෙදෙනකු විසින් අසල්වැසියකුට පෙන්වා ඇති බවට මවක් කළ පැමිණිල්ලක් මත පොලිස් ස්ථානයේ ළමා සහ කාන්තා කාර්යාංශය පරීක්‍ෂණ අරඹා එම ළමුන් දෙදෙනා ඔවුන්ගේ මවුවරුන් සමග පොලිසියට කැඳවා තිබේ.
එක් ළමයෙකු සන්තකයේ තිබූ ජංගම දුරකථනය පරීක්‍ෂා කිරීමේදී පැමිණිලිකාරියගේ දියණියගේ ජායාරූප 20 ක් සහ වීඩියෝ දර්ශනයක් තිබූ බව පොලිසිය පවසයි. සැකකාර ළමුන් දෙදෙනාගෙන් කළ ප‍්‍රශ්න කිරීමේදී දැරිය නාන කාමරයේ සිට දිය නාන අවස්ථාවේදී දැරියට නොතේරෙන අයුරින් ඉතා සූක්‍ෂම ලෙස එම ජායාරූප සහ වීඩියෝ දර්ශන තම ජංගම දුරකථනයෙන් ලබාගත් බව පොලිසිය හමුවේ ප‍්‍රකාශ කර තිබේ. මෙම සැකකාර ළමුන් දෙදෙනා දැනට පාසල් නොයන බවත් දෙමාපියන් එම ළමුන් දෙදෙනා සම්බන්ධයෙන් සොයා බැලීමක් නොකරන හෙයින් නොයෙක් විෂමාචාර ක‍්‍රියා සඳහා පෙළඹී ඇති බවත් පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
මෙම පිරිමි ළමුන් දෙදෙනාගේ යහපත සහ සුබසිද්ධිය සඳහා පරිවාස නිලධාරීන් මාර්ගයෙන් සුදුසු බාරකාරත්වයකට පත් කිරීම සඳහා දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
1754 Views
Comments