බදාදා විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා ඉල්ලා අස්වෙන්න තීන්දු කරයි

පවතින දේශපාලන අර්බුධයත් සමග අනිද්දා (04) රැස්වන පාර්ලිමේන්තුව අතිශය තීරණාත්මක වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ දින වල පැවති ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන රැස්වීම් කිහිපයකදීම මේ පිළිබඳව සාකච්ඡා වී තිබෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය ඉල්ලා අස් වී විපක්ෂයේ වාඩි වීමටද ඉඩ ඇති බව වාර්තා වෙනවා.
එහිදී අගමැතිවරයා රට හමුවේ විශේෂ ප්‍රකාශයක් කරනු ඇති බවයි වාර්තා වන්නේ.
ඉල්ලා අස් වූ ආණ්ඩුවේ ජේශ්ට අමාත්‍යවරයෙකු හිරුට පැවසුවේ අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම සිදුවිය හැකි දෙයක් නමුත් ඒ පිළිබඳ නිෂ්චිත දිනයක් අද දවසේ ප්‍රකාශ කළ නොහැකි බවයි.
ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු කිහිප දෙනෙකු අග්‍රාමාත්‍යවරයාට ඉවත් ව නොයන ලෙසට ඉල්ලීම් කරමින් සිටින බවටද වාර්තා වෙනවා.
අගමැතිවරයා සමග බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මේ සම්බන්ධයෙන් අද දවසෙත් තීරණාත්මක සාකච්ඡාවක නිරතව සිටින බවයි වාර්තා වන්නේ.
බදාදායින් ආරම්භවන පාර්ලිමේන්තු සතියේදී සමගි ජන බලවේගයද ආණ්ඩුවට එරෙහිව සිය විශ්වාස භංගය ඉදිරිපත් කරන බවයි සමගි ජන බලවේයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවේ.
1225 Views
Comments