රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය රජයේ රෝහල් වලින් පමණයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
25

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය රජයේ රෝහල් වලින් පමණයි

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය රජයේ රෝහල් වලින් පමණයි

ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාව හෙවත් රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂාව රාජ්‍ය අංශය හරහා පමණක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

 

කොවිඞ් ආසාධිතයන් හඳුනාගැනීමට සිදුකෙරෙන මෙම පරීක්ෂණය ඉදිරියේදී පුද්ගලික අංශය හරහා ද සිදුකිරීමට අවසර ලබා දීමටයි කොවිඞ් මර්දන කාර්ය සාධක බලකාය තීරණය කර ඇත්තේ.

 

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, යුධ හමුදාපති ලු‍තිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

 

ශ්‍රී ලංකාව තවදුරටත් කොරෝනා අවධානම් මට්ටම් 03 හි සිටින බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

 

තත්වය යහපත් වූ වහා හුදකලා ප්‍රදේශවල සංචරණ සීමා ඉවත් කිරීමට පියවර ගන්නා බව යුධ හමුදාපතිවරයා එහිදී කියා සිටියා.

 

මහනුවර – නුවරඑළිය සහ බණ්ඩාරගම අටුලු‍ගම ප්‍රදේශවලින් ආසාධිතයන් හමුවීම ඉහළයාම පිළිබඳ එහිදී දීර්ඝව අවධානයට ලක් කෙරුණු බව ද කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කල නිවේදනයක සඳහන්.

 

 

views

758 Views

Comments

arrow-up