හෙට ගිණුම්කරණය විෂයට පෙනීසිටින සිසුන්ට නිවේදනයක්

හෙට (31) පෙරවරුවේ පැවැත්වීමට නියමිත උසස් පෙළ ගිණුම්කරණය විෂය සඳහා මේ වසරේ සිට සිසුන්ට අතිරේක පහසුකමක් ලෙස, වැඩසටහන් සැලසුම් කළ නොහැකි සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර ලබා දී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.
ඔක්තෝබර් 12 වැනිදා සිට ආරම්භ වූ මෙවර උසස් පෙළ විභාගය නොවැම්බර් 6 වන දා තෙක් පැවැත්වෙන අතර, තවත් විෂයන් 13 ක් ඉදිරි දින හය තුළ පැවැත්වීමට නියමිතය.
ගිණුම්කරණය විෂය සඳහා සිසුන්ට ගණක යන්ත්‍ර භාවිතයට අවසර දීම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් වෙතොත් විභාග දෙපාර්තමේන්තුවෙන් විමසීම් කළ හැකි බව ද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් දන්වා සිටී.
680 Views
Comments