රජයට අයත් ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය විසින් පළමු වරට ශ්‍රමික කණ්ඩායමක් ජපානයට

එස්.එස්.ඩබ්ලිව් කාණ්ඩය යටතේ පුහුණු ශ්‍රමිකයින් ජපානයට පිටත් කර යැවීමේ වැඩසටහන යටතේ රජයට අයත් ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය විසින් පළමු වරට පිටත්ව යන ශ්‍රමික කණ්ඩායම සදහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා අතින් ගුවන් ටිකට්පත් සහ සුදුසුකම් ලැබීමේ සහතික නිකුත් කරනු ලැබුවා.
දොලොස් දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම ඉදිරි සති කිහිපය තුළදී ජපානය බලා පිටත්ව යාමට නියමිතය.
එස්.එස්.ඩබ්ලිව්. කාණ්ඩය යටතේ ජපාන රැකියා සදහා පිටත් කර යවනු ලබන ශ්‍රමිකයින් සදහා ඉහළ ආදායම් ලබාගැනීමට හැකි අතර පුහුණු ශ්‍රමිකයින් වැඩි වශයෙන් යැවීම සදහා වන සක්‍රීය මැදිහත්වීම් මේ වන විට සිදු කරමින් සිටිනවා.
509 Views
Comments