බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා ජපානයෙන් ශ්‍රී ලංකාවට ආධාර

ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය කටයුතු සඳහා ජපාන රජය විසින් Skavita මානුෂීය ආධාර සහ සහන ව්‍යාපෘතිය (SHARP) වෙත ඇමරිකානු ඩොලර් 547,443 (ආසන්න වශයෙන් රුපියල් මිලියන 170) ලබා දී ඇත.
ඊට අදාල ප්‍රදාන කොන්ත්‍රාත්තුව 2023 අගෝස්තු 11 වන දින කිලිනොච්චි දිස්ත්‍රික්කයේ SHARP කඳවුරේදී ජපානයේ තානාපති MIZUKOSHI Hideaki මහතා සහ SHARP හි අධ්‍යක්ෂ / ක්ෂේත්‍ර වාර්තාකරණ නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමති රන්ජන් බාලසූරිය මහතා අතර අත්සන් කරන ලදී.
ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශය සඳහා අඛණ්ඩව සහාය දැක්වීමට ජපානයේ කැපවීම පිළිබඳ මෙහිදී තානාපති MIZUKOSHI ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන ආරම්භයේ සිටම ජපන් රජය අඛණ්ඩව සහය දක්වන අතර මේ වනවිට ලබාදී ඇති මුළු ආධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 43 ඉක්මවයි.ජපානයේ නිල සංවර්ධනයේ ප්‍රමුඛතා ක්ෂේත්‍රවලින් එකක් වන්නේ ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශ සංවර්ධනය කිරීමයි.
මෙම මූල්‍ය වර්ෂයේ ව්‍යාපෘතිය මගින් කිලිනොච්චි, මුලතිව් දිස්ත්‍රික්කවල අපවිත්‍ර වූ ඉඩම් එළිපෙහෙළි කිරීමෙන් අවතැන් වූ පුද්ගලයන් 400 කට වැඩි පිරිසක් නැවත පදිංචි කිරීමටත්, සෘජුව හෝ වක්‍රව පුද්ගලයන් 2,300 කට වැඩි පිරිසකගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමටත් අපේක්ෂා කෙරේ.
මෙම ප්‍රදානය ලබාදීම පිළිබඳව අදහස් දක්වමින් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමති රන්ජන් බාලසූරිය මහතා ප්‍රකාශ කළේ;
"SHARP ආරම්භයේ සිට 2016 වසරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කර ඉන් අනතුරුව 2021 දක්වා වසර 6ක් අඛණ්ඩව SHARP වෙත එකම පරිත්‍යාගශීලියා ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ජපාන තානාපති කාර්යාලයට කෘතඥ වන බවයි.
479 Views
Comments