ජනපති රනිල් ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සමඟ සාකච්ඡාවක නිරත වී තිබේ.
ජපානයේ ශ්‍රී තානාපති රොඩ්නි පෙරේරා මහතා SLBCJ හි විධායක කමිටුව ජනාධිපතිවරයා වෙත හඳුන්වා දුන් අතර, ශ්‍රී ලංකාවේ වෙළඳ හා ආයෝජන ව්‍යාපාර ජාලගත කිරීම සහ ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ ගෝලීය සංවිධානයක් දියත් කිරීමට සංගමයේ පසුබිම සහ එහි යෝජනාව පැහැදිලි කළේය.
එහි 20 වැනි සංවත්සරයට සමගාමීව, ආර්ථික යහපැවැත්මට ධනාත්මක ප්‍රතිඵලයක් ලබා දීම සඳහා විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් ජාලගත කිරීමට සහ දැනුම බෙදා ගැනීමට ගෝලීය සංවිධානයක් සංවර්ධනය කිරීමේ ආරම්භයක් ලෙස ලොව පුරා ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිල 5-6 ක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ජනාධිපතිතුමා එහදී යෝජනා කළේය.
268 Views
Comments