ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ වෙසක් උත්සවයට සහභාගී වෙයි

2023 මැයි 05 වැනි දින පූජ්‍ය මාවතුරේ චන්දිම හිමියන්ගේ මඟපෙන්වීම යටතේ ටොචිගි ප්‍රාන්තයේ පාරමිතා භාවනා මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද වෙසක් උත්සවය සහ ආගමික වතාවත් සඳහා තානාපති රොඩ්නි පෙරේරා මහතා සහභාගී විය. ශ්‍රී ලාංකේය සංස්කෘතිය සහ සම්ප්‍රදායන් ප්‍රදර්ශනය කරන වෙසක් දන්සැලක් ජනතාවට විවෘත කරමින් ප්‍රදර්ශනයට තබා ඇති වෙසක් කූඩු දල්වාලීම ද තානාපතිවරයා අතින් සිදු කෙරුණි.තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම විශේෂ අවස්ථාවෙහිදී ශ්‍රී ලාංකේය සංස්කෘතිය සහ සම්ප්‍රදායන් ප්‍රදර්ශනය කිරීම සහ සැමරීමේ වැදගත්කම අවධාරණය කරමින් තානාපතිවරයා වෙසක් දින දේශනයක්ද පැවැත්වීය.
289 Views
Comments