ජනපති රනිල් ජපාන මුදල් අමාත්‍ය හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

ජනපති රනිල් ජපාන මුදල් අමාත්‍ය හමුවේ

ජනපති රනිල් ජපාන මුදල් අමාත්‍ය හමුවේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 මැයි 25 දින ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzuki හමුවිය.

 

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.  

 

අමාත්‍ය Shunichi Suzuki ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා විනිවිදභාවයෙන් යුක්ත වනු ඇතැයි අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සඳහා ක්‍රියා කිරීම සඳහා ජපාන රජයේ සහයෝගය පිලිබඳ සහතික විය.

 

ජපානයේ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා ද මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර ජපාන මුදල් අමාත්‍යවරයාගේ ලේකම් Hiroto Sugano මහතා සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශක Masato Kanda මහතා ද ජපානය නියෝජනය කරමින් රැස්වීමට එක්විය. 

 

 

views

272 Views

Comments

arrow-up