තෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

තෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක්

තෝකියෝහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක්

තෝකියෝ හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ සහයෝගය ඇතිව සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වන ලදී.  

 

ශ්‍රී ලංකාවේ සංචාරක සම්පත් සහ ලක්ෂණ මෙන්ම ජපන් සංචාරකයින් පිළිගැනීමට ඇති සූදානම ඉස්මතු කිරීමේ අරමුණින් මෙය සංවිධානය කර තිබුණි.

 

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවේදීන් මෙන්ම සමාජ මාධ්‍ය බලපෑම් කරන්නන් 40 කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.  මෙමගින් ජපන් සංචාරකයින්ගේ මීළඟ විදේශ සංචාර ගමනාන්තය සඳහා තේරීමක් ලෙස ශ්‍රී ලංකාව පත් කර ගැනීමට තානාපති කාර්යාලය බලාපොරොත්තු වේ.

 

ජනප්‍රිය ජපන් චිත්‍ර ශිල්පියෙකු විසින් ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව, රිද්මයානුකූල චලනයන් සහ වර්ණවත් ඇඳුම් ආයිත්තම් වලින් සමන්විත ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික නර්තන ප්‍රසංගයක් සමග උත්සවය ආරම්භ විය.  සහභාගිවන්නන් සංචාරක ප්‍රවර්ධන වීඩියෝ ද නැරඹූ අතර ශ්‍රී ලංකාවේ සුන්දර භූ දර්ශන, යුනෙස්කෝ ලෝක උරුම අඩවි සහ අද්විතීය සංස්කෘතික අත්දැකීම් භුක්ති විඳින ලදී.

 

ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හි තෝකියෝ ශාඛාව විසින් තෝකියෝ සහ කොළඹ අතර සතිපතා සෘජු ගුවන් ගමන් 4ක් දියත් කිරීමට නියමිත බව නිවේදනය කළ අතර ජපන් ගනුදෙනුකරුවන් සඳහා සංචාරක පැකේජ හඳුන්වාදීම සහභාගිවන්නන්ගේ අවධානයට ලක්විය.

 

views

309 Views

Comments

arrow-up