ජපාන ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍ය ඉන්දියාවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

ජපාන ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍ය ඉන්දියාවට

ජපාන ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍ය ඉන්දියාවට

ජපානයේ ආර්ථිකය, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍ය නිෂිමුරා යසුතොෂි ඉන්දියාවට යාමට සූදානම් වේ.

 

ඒ තෝකියෝ සහ නවදිල්ලිය අතර ආර්ථික ආරක්ෂාව වැනි කරුණු සම්බන්ධයෙන් සහයෝගීතාව වැඩි කිරීමට උත්සාහ කිරීම සඳහායි.

 

ඉන්දියාවේ දින හතරක රැඳී සිටින කාලය තුළ නිෂිමුරා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ආර්ථික කටයුතු භාර කැබිනට් අමාත්‍යවරුන් හමුවනු ඇත.

 

එහිදී ජපානය සහ ඉන්දියාව ගිවිසුමක් අත්සන් කිරීමට බලාපොරොත්තු වේ.

 

මානව සම්පත් හුවමාරුව වැඩි කිරීම, අර්ධ සන්නායක සැපයුම් දාමයන් ශක්තිමත් කිරීම සහ නිෂ්පාදන පදනමක් ස්ථාපිත කිරීම සඳහා එක්ව කටයුතු කිරීම සඳහා ඔවුන්ගේ සැලසුම් ලේඛනයේ දක්වා ඇත.

 

views

335 Views

Comments

arrow-up