අගමැති කිෂිඩා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

අගමැති කිෂිඩා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා හමුවෙයි

අගමැති කිෂිඩා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා හමුවෙයි

ජපාන අගමැති කිෂිඩා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති Sheikh Mohamed bin Zayed Al Nahyan හමුවී තිබේ.

 

ඔහු ඊයේ (17) උදෑසන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණියේ ඔහුගේ මැද පෙරදිග සංචාරයේ දෙවන අදියර සඳහා ය.

 

ජපානය සිය බොරතෙල් ආනයනයෙන් සියයට 40 කට ආසන්න ප්‍රමාණයක් එමිරේට්ස් මත යැපෙන බැවින් කිෂිඩා එහිදී එමිරේට්ස් වෙතින් අඛණ්ඩ ස්ථාවර තෙල් සැපයුමක් ඉල්ලා සිටියේය.

 

අභ්‍යවකාශය, කෘත්‍රිම බුද්ධිය සහ සෞඛ්‍ය සේවා වැනි ක්ෂේත්‍රවල ජපානයේ දියුණු තාක්‍ෂණය සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාර්මික විවිධාංගීකරණයට සහාය වීම ද කිෂිඩාගේ අරමුණයි.

 

views

319 Views

Comments

arrow-up