ජනපති රනිල් ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

ජනපති රනිල් ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා හමුවෙයි

ජනපති රනිල් ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා සමඟ තෝකියෝ නුවරදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීය.  

 

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජපානය ශ්‍රී ලංකාව වෙත ලබාදෙන සහය අගය කරන බව ජනාධිපති වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.  

 

ජපාන ආධාර මත ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය අත්හිටුවීම සම්බන්ධයෙන් ද ජනාධිපතිතුමා ජපාන රජයට කණගාටුව පළ කළේය. දෙපාර්ශ්වයේම එකඟතාවයකින් තොරව ද්විපාර්ශ්වික මහා පරිමාණ ව්‍යාපෘති නතර කිරීමට හෝ අවලංගු කිරීමට නොහැකි බව සහතික කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනාගත නීති සම්පාදනයේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.  ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපති වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය කිෂිඩාට ආරාධනා කළේය.

 

තානාපති රොඩ්නි පෙරේරා මහතා ද සාකච්ඡාවට සහභාගී වූ අතර ජපාන අග්‍රාමාත්‍යවරයා සමඟ නියෝජ්‍ය ප්‍රධාන කැබිනට් ලේකම් කිහාරා සෙයිජි මහතා සහ අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශක මොරි යොෂිෆුමි මහතා ද සහභාගි විය.

 

views

264 Views

Comments

arrow-up