JICA ආයතනය පිලිබඳ වැඩසටහනක් ජාතික රූපවාහිනියෙන්

ශ්‍රී ලංකා ජයිකා ආදි ශිෂ්‍ය සංගමයේ 50 වැනි සංවත්සරය, ජයිකා ශ්‍රී ලංකා කාර්යාලයේ 40 වැනි සංවත්සරය සහ ශ්‍රී ලංකා ජපන් රාජ්‍යතාන්ත්‍රික 70 වැනි සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකා JICA Alumni Association of Sri Lanka විසින් ජාතික රූපවාහිනි සංස්ථාවේදී සම්මුඛ සාකච්ඡාවක් සංවිධානය කරන ලදී.
මේ සඳහා JICA ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත Tetsuya Yamada මහතා, ශ්‍රී ලංකා ජයිකා ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති පී.අයි.පතිරත්න මහතා සහ ශ්‍රී ලංකා ජයිකා ආදි ශිෂ්‍ය සංගමයේ උප ලේකම් තුසිත මුනින්ද්‍රදාස මහතා සහභාගී විය.
ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනයට සහාය වීම සඳහා ජයිකා ශ්‍රී ලංකා විසින් සිදු කරන ලද අතීත, වර්තමාන සහ අනාගත සංවර්ධන මැදිහත්වීම් පිළිබඳව Yamada මහතා මෙහිදි අවධාරණය කළේය. පතිරත්න මහතා සහ මුනින්ද්‍රදාස මහතා ශ්‍රී ලංකා ජයිකා ආදි ශිෂ්‍ය සංගමය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති සහ ඉදිරි මැදිහත්වීම් පිලිබඳ පැහැදිලි කරන ලදී.
208 Views
Comments