වසර 12ක සිර දඬුවමකට ලක්වූ අයෙක්ට නිදහස
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
22

වසර 12ක සිර දඬුවමකට ලක්වූ අයෙක්ට නිදහස

වසර 12ක සිර දඬුවමකට ලක්වූ අයෙක්ට නිදහස

2019 වසරේ ඕසකා ප්‍රාන්තයේදී පොලිස් නිලධාරියෙකුට පිහියෙන් ඇන ඔහුගේ තුවක්කුව සොරකම් කිරීම සම්බන්ධයෙන් 36 හැවිරිදි පුද්ගලයෙකුට ලබාදුන් වසර 12ක සිර දඬුවම ජපාන අධිකරණය විසින් අවලංගු කර තිබේ.

 

ඕසකා මහාධිකරණය අදාල සැකකරුව මිනීමැරීමට තැත් කිරීම සහ මංකොල්ලකෑම සම්බන්ධයෙන් නිදොස් කොට නිදහස් කරන ලදී.

 

විත්තිකරුට අධිචෝදනා ඉදිරිපත් කිරීමට පෙර සහ පසුව මනෝ වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් භින්නෝන්මාදයෙන් පෙළෙන බව හඳුනාගෙන ඇති අතර ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් ඔහු වග කිව යුතුද යන්න මෙම නඩු විභාගයේ ප්‍රධාන අවධානය යොමු විය.

 

පහළ අධිකරණ තීන්දුවට අනුව විත්තිකරු 2019 ජුනි 16 වන දින අලුයම 30 හැවිරිදි සුසුනොසුකේ කෝස්ගේ පපුවට පිහියකින් ඇන ඔහුගේ තුවක්කුව සොරකම් කළේය.

 

පසුදින අපරාධය සිදුවූ ස්ථානයට නුදුරු කඳුකර ප්‍රදේශයක දී මෙම පුද්ගලයා තුවක්කුව සහ උණ්ඩ හතරක් රැගෙන යමින් සිට ඇත.  පිහි ඇනුම් තුවාල කිහිපයකට ගොදුරු වූ කෝස් කෝමා තත්ත්වයට පත් වූ නමුත් එතැන් සිට සුවය ලබා 2020 ජනවාරි මාසයේදී නැවත සේවයට පැමිණ ඇත.

 

views

233 Views

Comments

arrow-up