MAR
15
සිසුවෙකුට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

චිබා ප්‍රාන්ත පොලිසියේ කිමිට්සු පොලිස් ස්ථානය විසින් පහරදීමක් සම්බන්ධයෙන් සැකපිට 74 හැවිරිදි පුද්ගලයෙකු චිබා ප්‍රාන්තයේ කිමිට්සු නගරයේ කිටකෝයාසු හි දී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා 11 හැවිරිදි ප්‍රාථමික පාසල් සිසුවෙකුගේ හිසට පහර දී කුබෝ නගරයේ උද්‍යානයකදී ගෙල පිටුපසින් අල්ලාගෙන කිහිපවරක් සොලවා පහරදුන් බවට සැක කෙරේ.
කෙසේවෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඔහු පවසා ඇත්තේ උද්‍යානයට ඇතුළු වීමට තහනම් බයිසිකලයක් පැදගෙන ගිය ළමයෙකුට තමා අවවාද කළ නමුත් ඔහුට පහර දුන්නේ නැති බවයි.
229 Views
Comments