MAR
15
බීමත්ව රිය පැදවූ තරුණයෙක් අත්අඩංගුවට

ඊයේ(14) හොක්කයිඩෝ පොලිසිය විසින් 25 හැවිරිදි සමාගම් සේවකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා ජනවාරි 28 වැනි දින අලුයම අසහිකාවා නගරයේ බීමත්ව රිය පදවමින් සිට ඇති අතර පොලිසිය දැක මෝටර් රථයේ පිටුපස අසුනේ සිටි සෙසු මගියෙකු සමඟ අසුන් මාරු කර ඇති බවට සැක කෙරේ.
ඒ අනුව මොහුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
265 Views
Comments