සොහොයුරාට පිහි ප්‍රහාරයක් එල්ල කළ අයෙක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
09

සොහොයුරාට පිහි ප්‍රහාරයක් එල්ල කළ අයෙක් අත්අඩංගුවට

සොහොයුරාට පිහි ප්‍රහාරයක් එල්ල කළ අයෙක් අත්අඩංගුවට

අකිටා ප්‍රාන්තයේ යොකොටේ පොලිසිය විසින් 41 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

ඒ තම 44 හැවිරිදි සහෝදරයාට මාරාන්තික ලෙස පිහියෙන් ඇනීමට සැකපිටයි.

 

පොලිසියට අනුව ඊයේ(08) අලුයම 2.50 ට පමණ Atsushi Tsukisawa නම් අදාල සැකකරු ඔහුගේ සහෝදරයා වන Satoshi ගේ බඩට පිහියකින් ඇන ඇති බව වාර්තා වේ.

 

පහර කෑමට ලක්වූ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර එහිදී මියගොස් තිබේ.

 

තම සොහොයුරාට පිහියෙන් ඇන්න බව සුකිසාවා පිළිගෙන ඇති නමුත් එයට හේතුව පවසා නොමැති බව වාර්තා වේ.

 

views

255 Views

Comments

arrow-up