MAR
06
හිම කුණාටුවලින් ජපානයට දැඩි බලපෑම්

උතුරු ජපානයේ හොකයිඩෝ හි හිම කුණාටු මාලාවක් සිදුවී තිබේ.
මෙමගින් ස්කී ක්‍රීඩකයෙකු මියගොස් තවත් හිම මත ලිස්සා යාමේ ක්‍රීඩකයෙකු අතුරුදහන් වී ඇත.
Shimizu නගරයේ Pekerebetsu කන්දේදී ද අනතුරක් සිදු විය.
60 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු තවත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ හිම මත ලිස්සා ගොස් සිටියදී හිම කුණාටුවකට හසුවී අතුරුදන් ව ඇත.
මෙම පුද්ගලයා සෙවීමට පොලිසිය කටයුතු කරන නමුත් මෙතෙක් ඔහු පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි විය.
මේ අතර මෙම කන්දේ සිට කිලෝමීටර් 15ක් පමණ ඊසාන දෙසින් පිහිටි Shintoku නගරයේ දහවල් වන විට උෂ්ණත්වය අංශක 5.3ක් විය.
235 Views
Comments