MAR
09
දරුවන්ට මරු කැඳවූ මවට සිර දඬුවම්

කනගාවා ප්‍රාන්තයේ Atsugi නගරයේ පදිංචි 22 හැවිරිදි Rena Nagasawa නම් කාන්තාවකට යොකොහාමා දිසා අධිකරණය විසින් වසර 3යි මාස 6ක සිර දඬුවමක් නියම කර තිබේ.
ඒ ඇගේ දරුවන් දෙදෙනා මෝටර් රථයක දමා ගොස් ඔවුන් තාප ආඝාතයෙන් මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.
පසුගිය වසරේ ජූලි 29 වැනිදා පස්වරු 2.00 ට පමණ පැය 2 යි විනාඩි 40 ක පමණ කාලයක් ඇය දරුවන් දෙදෙනා වාහනයේ දමා මිතුරෙකුගේ නිවසකට ගොස් සිටි අවස්ථාවේ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවී තිබුණි.
261 Views
Comments