ප්‍රංශ නවකතාකරුවෙකුගේ ලේඛන රැසක් ජපානයෙන් හමුවේ

අභාවප්‍රාප්ත ප්‍රංශ නවකතාකරුවෙකු වන මොරිස් ලෙබ්ලාන්ක් විසින් ජපන් පරිවර්තකයෙකුට යවන ලද ලේඛන ජපානයෙන් හමුවී තිබේ.
අවම වශයෙන් ලිපි ලේඛන 17ක් පමණ මෙසේ හමුවී ඇති අතර ඒවා 1930 වසරේදී නැසීගිය පරිවර්තක Hoshino Tatsuo වෙත තැපැල් කර ඇත.
Hoshinoගේ පවුලේ අය විසින් තබා ගෙන තිබූ ලේඛන Nishogakusha විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Yamaguchi Tadayoshi සහ තවත් අය විසින් පරීක්ෂා කරන ලදී.
මහාචාර්ය යමගුචි පවසන්නේ ලෙබ්ලාන්ක් විසින් ලියන ලද බොහෝ ලියකියවිලි ඔහුගේ මව් රට වන ප්‍රංශයේ නොමැති අතර ලෙබ්ලාන්ක්ගේ ශක්තිමත් අත් අකුරු ඔහුගේ අවංක චරිතය පෙන්නුම් කරන බවයි.
254 Views
Comments