පියාසර කරන හෝටලය SKY CRUISE
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

පියාසර කරන හෝටලය SKY CRUISE

පියාසර කරන හෝටලය SKY CRUISE

ස්කයි කෲස් යනු යෙමන් සම්භවයක් සහිත ජර්මානු ජාතික විද්‍යාඥයෙකු වන හෂෙමි අල් ෆයිලි ගේ සංකල්පයකට අනුව නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන න්‍යෂ්ටික බල ශක්තියෙන් ක්‍රියාත්මක වන පියාසර කරන හෝටලයකි. ජෙට් යානා වලින් මගීන් රැගෙන යන අතර ඒවා ස්කයි කෲස් හෝටලය මත නැංගුරම් ලා බාහිර සෝපානයක් හරහා හෝටලය තුලට රැගෙන යනු ඇත. 

 

මගීන් 5000 කට සත්කාර සහ පහසුකම් සැපයීමට හැකි ස්කයි කෲස් හෝටලය තුල පිහිනුම් තටාක, සාප්පු සංකීර්ණ, අවන්හල්, ස්පා ඇතුළු විවිධ විනෝදාස්වාද පහසුකම් වලින් සමන්විත වේ. 

 

වර්ෂ 2030 දී අවසන් කිරීමට බලාපොරොත්තු වන මෙම ව්‍යපෘතිය සදහා ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් පමණ වැයවන බවට ඇස්තමේන්තු කර ඇති අතර දැනටමත් ධනවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුම තම කැමත් ප්‍රකාශකර ඇති බව වාර්තාවල සඳහන් වේ . 

 

 

උපුටාගැනීම අන්තර්ජාලයෙන්

 

views

266 Views

Comments

arrow-up