පුද්ගලයෙකු ඝාතනය කළ ගුරුවරයා මාට්ටු

ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට තෝකියෝ පොලිසිය විසින් කනිෂ්ඨ උසස් පාසල් ගුරුවරයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
පාසල ආසන්නයේ පදිංචි පිරිමි පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඝාතනය කළ බව කියන 36 හැවිරිදි මෙම ගුරුවරයා විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ට උගන්වන බව පාසල පවසයි.
සිද්ධිය වූ දිනයේ පාසලේ සාමාන්‍ය පරීක්ෂණයක් පැවැත්වූ අතර ගුරුවරයා පස්වරුවේ නිවාඩුවක් ලබා ගත් බව සඳහන් වේ.
පාසලේ විදුහල්පතිවරයා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ එම චෝදනා සත්‍ය බව තහවුරු වුවහොත් තමා සමාව අයැද සිටින බවයි.
සිසුන්ගේ මානසික රැකවරණය ප්‍රමුඛත්වය දෙමින් අධ්‍යාපන මණ්ඩලය සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.
258 Views
Comments