කාන්තාවන් රහසිගතව රූගත කළ තරුණයාට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

කාන්තාවන් රහසිගතව රූගත කළ තරුණයාට වැඩ වරදී

කාන්තාවන් රහසිගතව රූගත කළ තරුණයාට වැඩ වරදී

කියෝතෝ ප්‍රාන්ත රජය විසින්  29 හැවිරිදි තරුණයෙකු සේවයෙන් පහ කරන ලදී.

 

ප්‍රාන්ත රජයට අනුව 2021 අගෝස්තු සිට 2022 නොවැම්බර් දක්වා මෙම පුද්ගලයා ප්‍රාන්ත රජයේ කාර්යාලවල කාන්තා විවේකාගාරවලට කඩා වැදීම ඇතුළුව අවම වශයෙන් 25 වතාවක් තම ස්මාර්ට් ජංගම දුරකතනයෙන් රහසිගතව රූගත කර ඇති බව කියනු ලැබේ.

 

මීට අමතරව යටත් නිලධාරීන් හය දෙනකුට උස් හඬින් බැණ වැදීම වැනි බිය ගැන්වීමේ හැසිරීම් හේතුවෙන් ප්‍රාන්ත සෞඛ්‍ය හා සුබසාධන දෙපාර්තමේන්තුවේ 43 හැවිරිදි පිරිමි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකුගේ වැඩ තහනම් කිරීමට ප්‍රාන්ත රජය පසුගිය 02 වැනිදා නියෝග කළේය.  ප්‍රාන්ත රජයට අනු ඔහුගේ යටත් නිලධාරීන් පස් දෙනෙකු මානසික සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන අතර සති දෙකේ සිට මාස තුන දක්වා රැකියාවට නොපැමිණ තිබේ.

 

views

275 Views

Comments

arrow-up