MAY
04
පොදු වැසිකිලියක් තුළ සිසුවියකට ලිංගික අතවර කළ අයෙක් අත්අඩංගුවට

පසුගිය 2 වන දින මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවේ Katsushika පොලිස් ස්ථානය විසින් 32 හැවිරිදි පුද්ගලයෙකු අත්ඩංගුවට ගන්නා ලදී.
මොහු එඩෝගාවා වෝඩ්හි උද්‍යානයක වැසිකිළියක දී ප්‍රාථමික පාසල් සිසුවියකට ලිංගික අතවර කළ එය ස්මාර්ට් ජංගම දුරකතනයකින් රූගත කළ බවට සැක කෙරේ.
මෙම පුද්ගලයා එම චෝදනා පිළිගනිමින් ප්‍රකාශ කර ඇත්තේ තමන් ප්‍රාථමික පාසල් දැරියන්ගේ යට ඇඳුම්වල වීඩියෝ සහ ඡායාරූප 100කට අධික ප්‍රමාණයක් ලබාගෙන ඇති බවයි.
මෙම පුද්ගලයා තවත් දැරියකට ලිංගික අතවර කළ බවට සැකපිට පසුගිය මාසයේදීද අත්අඩංගුවට ගන්නා ලදී.
250 Views
Comments