මහල් ගොඩනැගිල්ලකින් වැටී සිව් හැවිරිදි දැරියක් තුවාල ලබයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
28

මහල් ගොඩනැගිල්ලකින් වැටී සිව් හැවිරිදි දැරියක් තුවාල ලබයි

මහල් ගොඩනැගිල්ලකින් වැටී සිව් හැවිරිදි දැරියක් තුවාල ලබයි

පෙරේදා (26) සවස 5.05 ට පමණ Yamagata ප්‍රාන්තයේ Sagae නගරයේ Cherry Park හෝටලයේ 6 වන මහලෙන් අවුරුදු 4 ක දැරියක් වැටී තිබේ.

 

මෙම දැරිය අමුත්තන්ගේ කාමරයේ ජනේලයෙන් පළමු මහලේ වහලය මතට වැටී වම් අත කැඩීම ඇතුළු බරපතළ තුවාල ලබා ඇතත් ඇයගේ ජීවිතයට අනතුරක් නොමැති බව වාර්තා වේ.

 

Sagae පොලිස් ස්ථානයට අනුව දැරිය සිය පවුලේ අය සමඟ හෝටලයේ නැවතී සිට ඇති අතර ජනේලය අසල ඇඳට පැන ජනෙල් පඩිය අතගාමින් ඇගේ සහෝදරිය සමඟ සෙල්ලම් කරමින් සිට තිබේ.

 

ඒ අවස්ථාවේදීයි ඇය ජනේලයෙන් වැටී ඇති බවට පොලිසිය සැක පල කරයි.

 

views

244 Views

Comments

arrow-up