බිරිඳ ඝාතනය කළ සැමියා පොලිස් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

බිරිඳ ඝාතනය කළ සැමියා පොලිස් දැලේ

බිරිඳ ඝාතනය කළ සැමියා පොලිස් දැලේ

සිය බිරිඳ ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට 50 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු හොක්කයිඩෝ හි කිටාමි හි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිසිය පැවසුවේ හරුකි ෆුජිකාවා නම් මෙම සැකකරු අඟහරුවාදා උදෑසන 6 ට පමණ පොලිස් ස්ථානයකට පැමිණ තමා සමඟ නිවසේ ජීවත් වූ කාන්තාව ඝාතනය කළ බවට පාපොච්චාරණය කළ බවයි.

 

විනාඩි 20කට පසු පොලිසිය ඔහුගේ නිවසට ගොස් ඇති අතර  නාන තටාකයේ තිබී සම්පූර්ණ ඇඳුමින් සැරසී සිටි කාන්තාවගේ සිරුර සොයා ගත්හ.  

 

ඇයගේ හිසට සහ පපු ප්‍රදේශයට පහරදී ඇති බව පෙනෙන්නට තිබෙන බවත්, මරණයට හේතුව සොයා බැලීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන බවත් පොලිසිය සඳහන් කළේය.

views

244 Views

Comments

arrow-up