සුපිරි වෙළඳසැලකින් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙක් පොලිස් දැලේ

කියෝතෝ ප්‍රාන්තයේ Yawata හි පොලිසිය විසින් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට 35 හැවිරිදි ගිනි නිවන අංශ ප්‍රධානියෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය පවසන පරිදි සැකකරු පසුගිය බ්‍රහස්පතින්දා පස්වරු 1.15 ට පමණ මුදල් නොගෙවා රසකැවිලි සහ වැසිකිලි කඩදාසි රැගෙන සුපිරි වෙළඳසැලකින් පිටව යාමට උත්සාහ කර ඇත.
එම භාණ්ඩවල වටිනාකම යෙන් 1200ක් විය.
සැකකරු මීට පෙර 2021 වසරේදී වෙළඳසැල් පහකින් සොරකම් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේය.
කෙසේවෙතත් පොලිසිය විසින් ඔහුට එරෙහිව චෝදනා ගොනු නොකළ අතර මාස පහක වැඩ තහනමකට ලක් කළේය.
243 Views
Comments