MAR
12
Tainai නගරයේ ගොවිපළක කුකුළන් 330,000ක් මරා දැමේ

Niigata ප්‍රාන්තයේ Tainai නගරයේ කුකුළු ගොවිපළක මිය ගිය කිකිළියකගෙන් අධික ලෙස රෝග කාරක බවට සැක කෙරෙන කුරුළු උණ වෛරසය අනාවරණය වූ බව Niigata ප්‍රාන්තය අද(12) නිවේදනය කළේය.
ඒ අනුව මෙම කුකුළු ගොවිපළේ ඇති කරන ලද කුකුළන් 330,000 ක් පමණ ප්‍රාන්තය විසින් මරා දැමීමට පටන් ගෙන තිබේ.
මෙම ප්‍රාන්තයේ ගොවිපලක කුරුළු උණ ඇති බවට තහවුරු වූ පස්වැනි අවස්ථාව මෙයයි.
289 Views
Comments