Barbenheimer දුරදිග යයි - ජපනුන්ගේ දැඩි අප්‍රසාදය

ජපානයේ "Barbie" චිත්‍රපටය තිරගත කරන්නන් ඊයේ (31) සමාව අයැද සිටියේය.
ඒ "Barbie" චිත්‍රපටය සහ " Openheimer" චිත්‍රපටය සම්බන්ධ කරමින් memes නිපදවීම සම්බන්ධයෙනුයි. මෙම memes "Barbenheimer" ලෙස හැඳින්වේ.
මෙවැනි Memes මගින් හිරෝෂිමා සහ නාගසාකි හි පරමාණු බෝම්බ ප්‍රහාරයන් සැහැල්ලුවට ගත් බව ජපන් ජනයා පවසයි.
මෙම චිත්‍රපට එක්ව ලොව පුරා ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ඩොලර් බිලියනය ඉක්මවා ආදායම් ලබා ඇත.
Warner Bros Japan විසින් "Barbie" අගෝස්තු 11 නිකුත් කරනු ඇත. කෙසේවෙතත් "Oppenheimer" නිකුත් කරන දිනයක් ප්‍රකාශ කර නැත.
314 Views
Comments