චීන නෞකාවක් ජපන් මුහුදේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

චීන නෞකාවක් ජපන් මුහුදේ

චීන නෞකාවක් ජපන් මුහුදේ

නිරිතදිග ජපානයේ යොනාගුනි දූපත සහ තායිවානය අතර චීන නාවික හමුදාවට අයත් නෞකාවක් ගමන් කර ඇති බව ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.  

 

මෙම නෞකාව ඔකිනාවා ප්‍රාන්තයේ යොනාගුනි දූපතට කිලෝමීටර් 60ක් පමණ දකුණින් පැසිෆික් සාගරයේ වයඹ දෙසින් යාත්‍රා කළ චීන මිසයිල විනාශකාරී නෞකාවක් බව වාර්තා වේ.

 

නෞකාව චීනය බලා යාමට පෙර උට්සුරි දූපතට කිලෝමීටර් 70ක් බටහිර දෙසින් වූ මුහුදු තීරයේ උතුරු දෙසට ගමන් කරමින් තිබූ බව ජපන් බලධාරීන් පවසයි.

 

උට්සුරි යනු සෙන්කාකු දූපත් වලින් එකකි. ජපන් රජය එම දූපත් ජපන් භූමියේ ආවේනික කොටසක් ලෙස පවත්වාගෙන යයි.  

 

views

272 Views

Comments

arrow-up