MAR
30
ජපානයෙන් යුක්රේනයට කඩදාසි තොගයක්

බටහිර ජපානයේ Tokushima ප්‍රාන්තය විසින් දේශීයව නිෂ්පාදනය කරන ලද Washi කඩදාසි යුක්රේනයේ ලේඛනාගාරයකට පරිත්‍යාග කර ඇත.
එමඟින් පැරණි ලියකියවිලි ප්‍රතිෂ්ඨාපනය කළ හැකි බව වාර්තා වේ.
කැඩුණු හෝ ඉරා දැමූ ලියකියවිලි යථා තත්ත්වයට පත් කිරීම සඳහා යුක්රේනය මීට පෙර භාවිතා කර තිබුණේ රුසියානු කඩදාසි වේ.
නමුත් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව ලේඛනාගාරයේ නිලධාරීන්ට නව කඩදාසි සැපයුම්කරුවෙකු සොයා ගැනීමට විය. ඉන් පසුව සාම්ප්‍රදායිකව Tokushima හි නිෂ්පාදනය කරන Awa Washi හොඳ ආදේශකයක් වනු ඇති බව ඔවුන් සොයා ගන්නා ලදී.
232 Views
Comments