ජපානයේ ස්වභාවික විපත් හඳුනාගැනීමට හැකි සිතියමක් නිර්මාණය කෙරේ

ජපානයේ රාජ්‍ය ඒජන්සිය විසින් චන්ද්‍රිකා දත්ත භාවිතා කර සිතියමක් සම්පාදනය කර ඇති අතර එමගින් ස්වභාවික විපත් ඇතිවීමේ හැකියාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වේ.
ජපානයේ භූගෝලීය තොරතුරු අධිකාරිය හෙවත් GSI මූලස්ථානය තෝකියෝවට උතුරින් පිහිටි සුකුබා නගරයේ පිහිටා ඇත. එය පෙරේදා (28) සිය වෙබ් අඩවියට මෙම සිතියම උඩුගත කළේය.
GSI හි Sato Yudai පැවසුවේ සිතියම මගින් මිනිසුන්ට ගොඩබිම මතුපිට කොපමණ චලනය වී ඇත්ද යන්න පිළිබඳ පැහැදිලි රූපයක් ලබා ගැනීමට ඉඩ සලසන අතර ස්වභාවික විපත් සඳහා ඇති හැකියාව පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමට මෙය උපකාරී වනු ඇතැයි තමා අපේක්ෂා කරන බවයි.
359 Views
Comments